දේශීය

පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

(UTV | කොළඹ) – හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා අණ පනත් යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.

මෙම නව විධි විධාන අනුව පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව සමාලෝචනයකින් පසුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පවතින සංචරණ සීමා යම් යම් ලිහිල් කිරීම් යටතේ ජුලි මස 19 වනදා දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර පළාත තුල දැඩිව පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා විශේෂ තත්වයන් යටතේ සීමාවන් කිහිපයක් ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Related posts

හෙට සිට හුදකලාවෙන් නිදහස් වන හා හුදකලා කෙරෙන ප්‍රදේශ[RELEASE]

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 20ක් සුවය ලබයි

Mohamed Dilsad

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

Mohamed Dilsad

Leave a Comment