ක්‍රීඩා

දිල්හාර ඇමරිකානු ක්‍රිකට් තරගාවලියට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ දිල්හාර ප්‍රනාන්දු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත බවට වාර්තා වේ.

හොලිවුඩ් එල්. ඒ. විවෘත පන්දුවාර 20 ශූරතාව ලෙසින් හැඳින්වෙන මෙම තරගාවලියේ ලොස් ඇන්ජලීස් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් දිල්හාර මෙම තරගාවලිය සඳහා සහභාගි වනු ඇත. දිල්හාර ප්‍රනාන්දුට අමතරව, හිටපු නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් සහ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ඩන් පිඩ්ට්ද මෙම කණ්ඩායමට ක්‍රීඩා කරයි.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක්ද මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව ඇති අතර එයට මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් සමුගත් අමිල අපොන්සු සහ ෂෙහාන් ජයසූරියද ඇතුළත් වේ.

Related posts

LPL තරඟාවලියේ හොඳම ක්‍රීඩකයන් 11 දෙනා

Mohamed Dilsad

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

එංගලන්තය සහ කොදෙව්වන් අතර තරගාවලියත් කල් යයි

Mohamed Dilsad

Leave a Comment