ක්‍රීඩා

දෙවන තරගයේ ජයත් එංගලන්තයට

(UTV | ලන්ඩන්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනයේ ඊයේ පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 241 රැස් කළේය. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 244 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

කණ්ඩායම් දෙක අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයද එංගලන්ත කණ්ඩායම ජය ගත්තේය. ඒ අනුව කණ්ඩායම් දෙක අතර එක්දින තරගාවලියේ ජයග්‍රහණයද එම කණ්ඩායමට හිමිවෙයි.

ශ්‍රී ලංකා එංගලන්ත 3 වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන ඉරිදා බිරස්ටල් හිදී පැවැත්වීමට නියමිතයි.

Related posts

SLC T-20 තරගාවලියේ පෙරමුණට ආ කොළඹ කණ්ඩායම

Mohamed Dilsad

බංගලාදේශයට කඩුළු 5ක ජයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

Mohamed Dilsad

Leave a Comment