විදෙස්

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

(UTV | තායිලන්තය) – තායිලන්තය සංචාරකයින් සදහා රට යලි විවෘත කරයි. පලමු සංචාරක පිරිස තායිලන්තයේ ෆුකෙට් දුපතේ සංචාරය කිරීමට නියමිතයි. මැදපෙරදිග ඇතුඵ රටවල සිට සංචාරකයන් 250 දෙනෙකු ගුවන් යානා හතරකින් පැමිණිමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගෙන් කිසිවෙකු නිරෝධායනයට යොමු නොකෙරේ. එහෙත් ඔවුන්ට දින 14 ක් යනතුරු තායිලන්තයේ ප්‍රධාන නගරයට ඇතුඵ විය නොහැක. මෙම වැඩසටහන යටතේ ඉදිරි මාස තුන තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික මුදලක් උපයා ගැනීමට තායිලන්තය අපේක්ෂා කරයි.

Related posts

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වැසේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය තොග හුවමාරු, ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව නම් කරයි..

Editor O

Leave a Comment