දේශීය

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ලබන මාසයේ දිවයිනට

(UTV | කොළඹ) – ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2 ක් ලබන මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වීශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එමෙන්ම සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20 ක් ලබන ඉරිදා ලැබිමට නියමිතයි. ඊට අමතරව ස්පුට්නික් වී එන්නත් මාත්‍රා ලක්ෂයක් ද ලැබීමට නියමිතයි. අමෙරිකාවේ එම ආයතනය සමග කල සාකච්ඡාවකින් පසු කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට ලැබෙනු ඇත.

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කළ අයට දෙවන මාත්‍රාව ලෙස මොඩර්නා එන්නත් කිරීමට තීරණය කර තිබේ. සයිනොෆාම් ආයතනය තවත් එන්නත් තොගයක් කඩිනමින් ලබාදිමට එකගතාව පලකර ඇතැයි ද සභාපතිවරයා කියයි. එම එන්නත් සම්බන්ධයෙන් මිල සහනයක් ලබාදිමට ද චීනය සූදානම්ය.

Related posts

විදුලිබිල යළි ඉහළට

Mohamed Dilsad

අද පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment