Trending Newsදේශීය

අප්‍රේල් 21 පාර්ලිමේන්තු සිද්ධිය : වාර්තාව ලබන සතියේ කතානායකට

(UTV | කොළඹ) – 2021 අප්‍රේල් මස 21 වන දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීමට නියමිතය.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව රැස් වූ බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.

අප්‍රේල් 21 වන දා ඇති වූ අර්බුදකාරී වාතාවරණයක් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය අප්‍රේල් 23 වන දා මෙම කමිටුව පත් කළේය.

ඒ අනුව, මෙවැනි සිදුවීම් තුළින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදු විය හැකි අහිතකර තත්ත්වය දීර්ඝ වශයෙන් සළකා බැලූ කමිටුව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට පාර්ලිමේන්තුවක් ලෙස ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන පියවර ද සාකච්ජා කර තිබේ.

Related posts

“நாங்கள் அமைத்துக் கொடுத்த வீடுகளில் சதிகாரர்களின் படங்களைக் கொளுவி எமக்கெதிராக செயல்படுகின்றார்கள்”

Mohamed Dilsad

තවත් 447 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Madhura Withanage elected Mayor of Sri Jayawardenepura Kotte

Mohamed Dilsad

Leave a Comment