දේශීය

අසේල සම්පත් ඇප මත නිදහස්

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහු අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පිළියන්දල, පැලන්වත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ (25) ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මෙරට ලබාදෙන ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ චෝදනා මත ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

Related posts

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

Mohamed Dilsad

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment