දේශීය

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය

(UTV | කොළඹ) – කොළඹ නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කරමින් නව රථවාහන වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිස් රථවාහන ඒකකය කටයුතු කර ඇත.    

මේ සඳහාවන නියමු ව්‍යාපෘතිය අද (06) උදෑසන කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක දී ආරම්භ කරනු ලැබීය.

මාර්ග තදබදය අවම කිරීම , මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හදුනා ගැනීම ආදිය මෙම වැඩසටහන ඔස්සේ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගෙන තිබේ.

අද දිනයේ දී කොළඹ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරුණු මෙම මෙහෙයුම ඉදිරියේදී පාර්ලිමේන්තු මාර්ගය මීගමු මාර්ගය වැනි ප්‍රධාන මාර්ග වලදීද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියේය.

 

Related posts

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ  අවසන් රන්දෝලි පෙරහැර අද

Editor O

අත ද ? හෙලිකොප්ටරය ද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය මෙන්න

Mohamed Dilsad

මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායනය වන දින ගණන පිළිබඳ අද විශේෂ තීන්දුවක්

Mohamed Dilsad

Leave a Comment