විදෙස්

ලොව පුරා රටවල් වලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 පනී

ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දා හත් කෝටි හැත්තැ ලක්ෂය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

මේ වන තෙක් කොරෝනා වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව තිස් අට ලක්ෂ විසි හත් දහස් හයසිය හතලිස් අටක්. ඊයේ දිනයට සමස්ත ලෝකයෙන් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ තුන්සිය හතලිස් හත් දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හයදහස් හත්සිය විසි නවයක්. ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඉන්දියාවෙන්. ආසාදිතයින් හැට දෙදහස් පන්සිය අනූ හත් දෙනෙකු හමුවූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

Related posts

මුහුණු පොතේ තවත් වෙනසක්

Mohamed Dilsad

කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

Editor O

නාසා ආයතනය රුසියානු සහාය ගත් අවසන් අභ්‍යාවකාශ මෙහෙයුම

Mohamed Dilsad

Leave a Comment