දේශීය

ගිනිගත් නැවේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

පොලීසිය පැවසුවේ, මේ වන විට සැකකාර නියෝජිතවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

සැකකරුගේ කාර්යාලය හා නිවස මේ වන විට පරීක්ෂා කර ඇති අතර ඔහු එම ස්ථානවල නොසිටි බව පොලීසිය පවසයි.

නෞකාවේ මෙරට නියෝජිතවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් මත ක්‍රියාකරන බව පොලීසිය පැවසී ය.

මේ අතර නෞකාව ගිනිගැනීමෙන් බලපෑමට ලක්ව මියගිය බවට සැකකරන කැස්බෑවන්ගේ ඩොල්ෆින් සත්ත්වයින්ගේ මරණ පරීක්ෂණ සිදුකල වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

පොලීසිය පැවසුවේ, අදාළ මරණ සම්බන්ධ ඉදිරි විමර්ශන රසායනාගාර වාර්තා නිකුත් වීමෙන් පසු සිදුකෙරෙන බවයි.

Related posts

විදුලිබල මණ්ඩල සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට අවස්ථාව

Editor O

මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 331 ක් අල්ලයි

Mohamed Dilsad

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

Leave a Comment