දේශීය

අසාද් සාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් – නීතිපති

(UTV | කොළඹ) – අත්අඩංගුවේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

ඒ, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අසාද් සාලි මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සම සලකා බැලීම ලබන 28 වනදා තෙක් කල් තැබුණි.

Related posts

චීනය ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයයි

Mohamed Dilsad

කොවිඩ් 19 අරමුදලට යැයි පවසමින් මුදල් වංචා කිරීමේ තොරතුරු වාර්තා වෙයි

Mohamed Dilsad

හුදෙකලාකර තිබූ ගම්මානයක් අද යළි විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment