දේශීය

ලාංකිකයින් 61ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දීයාවේ තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් මාස දෙකක පමණ කාලයක් නීතිවිරෝධීව තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රදේශවල රැඳී සිට ඇති බව සඳහන් වේ.

ඔවුන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට ප්‍රවාහනය කිරීමට මිනිස් ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බව ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනා අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි බවට සැකකෙරෙන පුද්ගලයෙකු සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

පිරිමි ජනගහනය අඩුවීම, අර්බුධ රැසක් ඉදිරියේදී ඇතිවීමේ අවධානමක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

Editor O

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment