දේශීයව්‍යාපාරික

අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – වී, සහල්, සීනි, කිරිපිටි, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ඊයේ (11) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳ අමාත්‍යාංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරි පනතේ 10 වගන්තියට අනුව, ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි වී, සහල්, සීනි, කිරිපිටි, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවත්වාගෙන යන පිරිස තමා සතු සියලු තොග පිළිබඳ නිරවද්‍ය හා සත්‍ය තොරතුරු සපයමින්, සතියක කාලයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වන මෙන් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයෙන් නියෝග කර ඇත.

ඒ අනුව ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත පාරිභෝගික සේවා අධිකාරියේ වෙබ් අඩවියෙන් ගෙන විද්යුත් තැපෑල මඟින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත දින 7ක් තුළ යොමු කළ යුතු වනවා.

Related posts

දකුණු අප්‍රිකාවේ මෙරට මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ සැලසුමක්

Mohamed Dilsad

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment