විදෙස්

කිම් ජොන්ග් එරට වැසියන්ව භාහිර ලෝකයෙන් වසන් කරයි

(UTV | උතුරු කොරියාව) – විදේශීය චිත්‍රපට, මොස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය කිරීම වළක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් නව තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

එහි අරමුණ වන්නේ උතුරු කොරියානුවන් භාහිර ලෝකයේ තොරතුරු ලබා ගැනීම වැළැක්වීම බවත් , තරුණ ප්‍රජාව වෙනත් රටවල සංස්කෘතීන් වැළඳ ගැනීම වැළැක්වීම සඳහා බවත් එම වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව විදෙස් රටවල සිනමා පට සහ DVD පට නරඹන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කිම් ජොන් උන්ග් විශේෂ ඒකකයක් ද පිහිටුවා තිබේ.

ඒ අනුව උතුරු කොරියාවේ ජනතාවට රටේ නායකයින්ට අවශ්‍ය දේ පමණක් ඇසීමට දැකීමට අවසර ලැබෙනු ඇත.

Related posts

කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීය කුමරී

Mohamed Dilsad

විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැති

Editor O

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය වැසේ

Mohamed Dilsad

Leave a Comment