විදෙස්

කිම් ජොන්ග් එරට වැසියන්ව භාහිර ලෝකයෙන් වසන් කරයි

(UTV | උතුරු කොරියාව) – විදේශීය චිත්‍රපට, මොස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය කිරීම වළක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් නව තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

එහි අරමුණ වන්නේ උතුරු කොරියානුවන් භාහිර ලෝකයේ තොරතුරු ලබා ගැනීම වැළැක්වීම බවත් , තරුණ ප්‍රජාව වෙනත් රටවල සංස්කෘතීන් වැළඳ ගැනීම වැළැක්වීම සඳහා බවත් එම වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව විදෙස් රටවල සිනමා පට සහ DVD පට නරඹන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කිම් ජොන් උන්ග් විශේෂ ඒකකයක් ද පිහිටුවා තිබේ.

ඒ අනුව උතුරු කොරියාවේ ජනතාවට රටේ නායකයින්ට අවශ්‍ය දේ පමණක් ඇසීමට දැකීමට අවසර ලැබෙනු ඇත.

Related posts

ඇමරිකාව සහ ඉරානය යුද්ධයකට මුල පුරයි

Mohamed Dilsad

සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් ඉඳිකටුව නැති එන්නතක් නිපදවීමට යයි

Mohamed Dilsad

Leave a Comment