දේශීයව්‍යාපාරික

පෞද්ගලික බැංකු කිහිපයක් අද සිට සතියක් වැසෙයි

(UTV | කොළඹ) – මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07) දිනයේ සිට සතියක කාලයක් සාමාන්‍ය බැංකු සේවා සඳහා වසා තබන බව දැනුම්දෙයි.   

රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් නිවේදනය කරයි.

ඒ අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී සිටින අතර හෙට (08) සහ අනිද්දා (09) දිනයන් හිදී සිය ශාඛාවන් වසා තබන බව හැටන් නැෂනල් බැංකුව සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

මේ අතර මෙම බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය සේවා ලබාගැනීමට ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි.

 

Related posts

මූල්‍ය වංචා සම්බන්දයෙන් කිරුළපනදී 58 දෙනෙක් අත්අඩංගුවට

Editor O

කොවිඩ් වැළඳී සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායල් – පලස්තීන ගැටුම පිළිබඳ කල් තැබීමේ විවාදයක්

Mohamed Dilsad

Leave a Comment