දේශීය

කොළඹට ඇතුලුවන රථවාහන සඳහා අද සිට වර්ණ 11 කින් යුත් ස්ටිකර්

(UTV | කොළඹ) – සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේදී කොළඹ නගරයට ඇතුලුවන රථවාහන සඳහා අද සිට කාණ්ඩ 11 ක් යටතේ වර්ණ 11 කින් යුත් ස්ටිකර් නිකුත් කිරීමට නියමිතයි.   

මේ අනුව සෞඛ්‍ය සේවා සඳහා කොල වර්ණයේ ස්ටිකරය , ත්‍රිවිධ හමුදා, පොලිස් වාහනවලට ලා නිල් පැහැති වර්ණය , පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන අය සඳහා දම් වර්ණය , ආනයන, අපනයන, නිෂ්පාදන, කර්මාන්තශාලා ක්ෂේත්‍රයට අයත් පිරිස් සඳහා ලා දුඹුරු වර්ණය , අත්‍යවශ්‍ය සැපයුම් සම්බන්ධයෙන් කහ වර්ණය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම් සඳහා රතු වර්ණයෙන් යුත් ස්ටිකරයක් නිකුත් ඇත.

තැඹිලි වර්ණය මාධ්‍ය සහ සන්නිවේදන ආයතන සඳහාත් , සුදු වර්ණය විදේශගතවීම් සම්බන්ධ කටයුතු සඳහාත් , කළු වර්ණය අවමංගල්‍ය, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ගැනීම වැනි මානුෂීය හේතූන් සඳහාත් , අළු වර්ණය පිසූ ආහාර සහ ඩිලිවරි සේවා සඳහාත් , රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරී සඳහා විශේෂිත වර්ණයකින් යුත් ස්ටිකරයක්ද හඳුන්වා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙන අද දිනයේදී කොළඹ අවට යම් රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් අත්‍යාවශ්‍ය රාජකාරී සදහා කොළඹට ඇතුලුවන රථවාහන වෙනදාට වඩා කල්වේලා ඇතිව පැමිණෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

 

Related posts

5000 ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

අතුරලියේ රතන හිමි බන්ධනාගාරගත කරයි.

Editor O

Leave a Comment