දේශීය

අයහපත් කාලගුණයෙන් 26,000ක් අවතැන් – මරණ 17 දක්වා ඉහළට

(UTV | කොළඹ) – දිස්ත්‍රික් 10 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෛන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.  

ඉන් 05 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 03 ක් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 03 ක් , පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 02 ක් හා කොළඹ , කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්වලින් එක් මරණය බැගින් සටහන්වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා සිටියේය.

ගම්පහ , රත්නපුර , කොළඹ , පුත්තලම , කලුතර , නුවරඑළිය, කෑගල්ල , මහනුවර , කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්වල පවුල් 67,564 ක පුද්ගලයන් දෙ ලක්ෂ 70, 912 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටියි.

නිවාස 15 කට පූර්ණ හානි සිදුවී ඇති අතර තවත් 935 කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර කොළඹ , ගාල්ල , ගම්පහ , කලුතර , මහනුවර , කෑගල්ල , මාතලේ , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වලට පණවා ඇති නායයාමේ අවධානම් නිවේදනය අද පස්වරු 04. 30 දක්වා දීර්ඝකර ඇත.

Related posts

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

රියදුරු බලපත්‍රයක වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ගිනි අවියක් රැගෙන පලා ගිය පොලිස් නිලධාරියා සොයන්න කණ්ඩායම් 10ක්

Mohamed Dilsad

Leave a Comment