විදෙස්

කෙන්යාවට එන්නත් හිඟයක්

(UTV | කෙන්යාව) – ලෝක සෞඛය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ කෙන්යාවට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවලින් 90% ක්ම ලබාදී අවසන් බව පසුගියදා අනාවරණය විය.   

ඒ අනුව, ඉදිරියේදී කෙන්යාව දැඩි එන්නත් හිඟයකට මුහුණදී ඇතැයිද මේ වාර්තා පවසයි.

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයන් වන බොට්ස්වානා, එස්වාටිනී, ඝානා, රුවන්ඩාව, ටෝගෝ සහ සෙනගාල් යන රටවලද පවතින්නේ මෙවන් තත්ත්වයකි.

අප්‍රිකානු රටවල් රැසක් කොවිඩ් එන්නත් හිඟයකින් පීඩා විඳින පසුබිමක තමන්ට කොවැක්ස් වැඩපිළිවෙල යටතේ නොමිලේ ලැබුණු කොවිඩ් එන්නත් මාත්‍රා 59,000ක් භාවිතයෙන් ඉවත්කිරීමට දකුණු සූඩානය තීරණය කර තිබේ.

එහිදී ඔවුන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 191,000 ක් ලැබී තිබුණි.

කොවැක්ස් වැඩපිළිවෙල යටතේ පසුගිය මාර්තු මාසයේදී දකුණු සූඩානය වෙත යළිත් එන්නත් මාත්‍රා එක්ලක්ෂ තිස් දෙදහසක් ලබාදී තිබුණත්, තවමත් ඉන් ලබාදී ඇත්තේ මාත්‍රා 5,000ක් පමණය.

 

Related posts

චීනයේ ධනවත්ම මිනිසා වන අලිබාබා අතුරුදහන්

Mohamed Dilsad

පන්ති භාර ගුරුවරිය සමඟ විවාහ වූ ලාබාලතම ජනාධිපතිවරයා

Mohamed Dilsad

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදාබැලීම් නතර කරන්නේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment