විදෙස්

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදාබැලීම් නතර කරන්නේ ඇයි?

(UTV| කොළඹ) – උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කිරීමට තීරණය කිරීමට හේතුව සොයා ගැනේ.

විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට ඔවුන් න්‍යෂ්ටික අත්හදා බැලීම් කළ මැන්ටැප් කඳුවැටිය කඩාවැටීම හේතුවෙන් බව පර්යේෂකයින් අණාවරණ කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, උතුරු කොරියාවේ උතුරු දෙසින් චීනයට ආසන්නයේ පිහිටි මෙම කඳුවැටිය 2017 වසරේ සැප්තැම්බර් 3 වන දා කළ න්‍යෂ්ටික අත්හදාබැලීමක ප්‍රතිඵලයක් ලෙස කඩාවැටී ඇති බවයි.

එම අත්හදාබැලීමෙන් නිකුත් වූ විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන්, චීනයට දැඩි බලපෑම් ඇති විය හැකි බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.

උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදාබැලීම් හයෙන් පහක්ම සිදුකර ඇත්තේ මැන්ටැප් කඳුවැටිය ආශ්‍රිතවයි.

මෙම වාර්තාව පළ වුයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, හෙට ප්යොන්ග්යැන්ග් හිදී දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හමුවීමට නියමිත පසුබිමකදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ පැතිරෙන “ටොමැටෝ ‍ෆීවර්”

Mohamed Dilsad

72 වන ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී නිමාවට.

Mohamed Dilsad

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment