විදෙස්

ඉන්දියාවේ පැතිරෙන “ටොමැටෝ ‍ෆීවර්”

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ ‍එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබේ. “ටොමැටෝ ‍ෆීවර්” නොහොත් තක්කාලි උණ ලෙස මෙය නම්කර ඇත.

ටොමැටෝ ෆීවර් හෙවත් තක්කාලි උණ වැළඳුණු වයස අවුරුදු පහට අඩු දරුවන් අසූ දෙදෙනෙකු පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් වාර්තාවී තිබේ.

මෙම වෛරසය, කේරළ, ඔඩිෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ආසාදිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් බිබිලි තාක්කාලි ගෙඩියක ප්‍රමාණයකට විශාලවීම හේතුවෙනුයි මෙම වෛරස රෝගය තක්කාලි උණ ලෙස හඳුන්වා ඇත්තේ.

මේ වනවිට එරටින් 200 කට අධික කුඩා දරුවන්ට මෙම තක්කාලි උණ වැළඳී තිබෙනවා.

Related posts

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයි

Mohamed Dilsad

අඟහරු වෙත ගිය කුඩා හෙළිකොප්ටරය

Mohamed Dilsad

ලිබියාවේදී සංක්‍රමණික යාත්‍රාවක් ගිලෙයි. 100ක් මරුට

Mohamed Dilsad

Leave a Comment