දේශීය

රියාජ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ) – රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.  

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් අදාළ පෙත්සම මගින් සඳහන්කර ඇත.

නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බී. ජයසේකර, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

තමන්ව ඔනෑම කොන්දේසියක් මත මුදා හරින ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත්, තමන්ව රඳවාගෙන සිටින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කළ ලෙසත් ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

Related posts

සෑම අමාත්‍යාංශයක් සඳහාම වෘත්තීය සමිති ලේකම්වරයෙක්

Mohamed Dilsad

විදේශ මුදල් තැන්පත් කරන්න නව බැංකු ගිණුමක්

Mohamed Dilsad

ආණ්ඩුවක් – මහින්දානන්ද අලුත්ගමගේ

Mohamed Dilsad

Leave a Comment