ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් මැදිහත්වී මුලතිව්ල කුලාමරිප්පු රක්ෂිතය හෙළි කිරීම නවතයි

(උදයම්,මුලතිව්)  – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් මුලතිව්ල කුලාමරිප්පු රක්ෂිතයේ අක්කර 177 ක් හෙළිකර නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සවයක් අද එම ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් එම කටයුතු අද නියමිත පරිදි සිදුකිරීමට නොහැකි වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අවසර ලබා නොදීම හේතුවෙනි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් මුලතිව්ල කුලාමරිප්පු රක්ෂිතයේ අක්කර 177 ක් හෙළි පෙහෙළි කර නිවාස ලබාදීමට නියමිතව තිබුණි.

කිච්චාරාපුරම් ප්‍රදේශයේ ජීවත්වන නිවාස නොමැති ජනතාවටය.

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ඉරාන රජය මූල්‍ය අනුග්‍රහය ලබා දෙයි.

අද එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එම ස්ථානයට පැමිණියේ ඉරාන රජයේ නියෝජිතයින්ද සමඟය.

ඊට මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරියල මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටද ආරාධනා කර තිබුණි.

කෙසේ වෙතත් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් එස් ගුණපාලන් මහතා ඊට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම රක්ෂිතය හෙළි කිරීම නීති විරෝධී බව පවසමිනි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරයද මෙම රක්ෂිතය හෙළි කිරීමට ලබා ගෙන නොතිබූ අතර ඒ හේතුවෙන් එම දෙපාර්තමේන්තු නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටියේ රක්ෂිත විනාශයක් සිදුවන්නේ නම් එය වැළැක්වීමටය.

Related posts

තැපැල් ඡන්දය දැමිය හැකි අවසන් දිනය අද

Mohamed Dilsad

ලිට්‍රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම

Mohamed Dilsad

ප්‍රවීන සූපවේදීනී ශාන්තා මායාදුන්නේගේ සහ දියණියගේ අවසන් කටයුතු අද.

Mohamed Dilsad

Leave a Comment