විදෙස්

ඇමරිකාවත් රුසියාවත් ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

(UTV| ගාසා තීරය) – ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් ආරම්භ වී දින අටකට පසු දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් කැඳවන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉල්ලා සිටියහ.   

ගාසා තීරයේ ගැටුම් නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඊජිප්තුව සහ සෙසු රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහූට දැනුම් දී තිබේ. ගාසා තීරයේ සාමකාමී ජනතාව විපතට පත්වීමෙන් වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවත්, සටන් විරාමයක් කැඳවා ගැටුම් සමථයකට පත් කළ යුතු බවත් රුසියානු ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තව දුරටත් ගැටුම් සිදුවෙමින් තිබෙන අතර, පෙරේදා වන විට ගාසා තීරයේ කාන්තාවන් සහ දරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව පුද්ගලයන් 212 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ගාසා තීරයේ විපතට පත්වූවන්ට සහනාධාර ලබාදීමට ඊශ්‍රායල පාලනයේ පිහිටා ඇති ගාසා – ඊජිප්තු සහ ගාසා – ඊශ්‍රාල දේශ සීමාව විවෘත කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට අවනත වෙමින් එම දේශ සීමා විවෘත කිරීමට ඊශ්‍රායල රජය පියවර ගෙන තිබේ.‍

ගාසා තීරයට තව දුරටත් ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල වෙමින් තිබෙන අතර, ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාර ගණනාවක් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් පදිංචි ගොඩනැගිලි රැසක් විනාශ වූ බව වාර්තා වේ.

Related posts

මීළඟ ජනාධිපතිවරණයට ජනපති ට්‍රම්ප් පළමු පියවර තබයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ නගර රැසක තලෙයිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා ඇරඹේ

Mohamed Dilsad

ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment