කලා

මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගනී

(UTV |මෙක්සිකෝව) – 69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් විය.   

මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක වන ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත්වෙයි.

මෙම තරඟාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක රූමතියන් 73 දෙනෙකු සහභාගී වී සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙමිනෝල් හාඩ් රොක් හොලිවුඩ් හෝටල් පරිශ්‍රයේ දී 2020 විශ්ව රූ රැජින අවසන් මහා තරඟය සංවිධානය කර තිබුණි.

බ්‍රසීලය, ඉන්දියාව, පේරු රාජ්‍ය සහ ඩොමිනිකානු ජනරජය නියෝජනය කළ තරඟකාරියන්, ඇන්ඩ්‍රියා සමඟ අවසන් පස්දෙනා අතර පැමිණි සෙසු තරඟකාරියන් වෙයි.

 

Related posts

ඡායාරූප හොරෙන් පල කළ සමාගමෙන් කරීනා කෝටි 20ක් ඉල්ලයි

Mohamed Dilsad

කීර්ති පැස්කුවල් ගෞරව සම්මානයකින් පිදුම් ලබයි [PHOTOS]

Mohamed Dilsad

2017 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment