කලා

ඡායාරූප හොරෙන් පල කළ සමාගමෙන් කරීනා කෝටි 20ක් ඉල්ලයි

(උදයම්,ඉන්දියාව)  –  තරබාරු කාන්තාවන්ගේ බර අඩුකරන්නත්, තරබාරු ගතිය අඩුකරන්නත් හැකි එක්තරා ඖෂධ පෙත්තක් මෑතකදී ඉන්දීය වෙළෙඳපොළට පැමිණ තිබේ.

මෙම ඖෂධය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේ ඒ වෙනුවෙන් නිර්මාණය කර තිබූ පුවත්පත් සහ වෙබ් අඩවි දැන්වීම්වල ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන කරීනා කපූර් ඛාන් ද පෙනී සිටි නිසය.

කරීනා මේ පෙත්ත ගන්න නිසා ඇයගේ බර, කිලෝ 13 කින් අඩුවුණු බව මේ දැන්වීමේ  සඳහන් වෙයි.

මෙම වෙළඳ දැන්වීම දුටු පමණින් කරීනා වහාම නීතිඥ කණ්ඩායමකට මේ බව දැනුම් දී  උපදෙස් ලබා ගෙන ඇත.

එහිදී ඇයගේ කිසිම සම්බන්ධයක් නොමැති මෙම දැන්වීම පළ කළ ඖෂධ සමාගමෙන් රු. කෝටි 20 ක වන්දියක් කරීනා වෙනුවේ ඇයගේ නීතීඥයන් ඉල්ලූ බවත් වාර්තා වෙයි.

Related posts

බොලිවුඩයේ කිං ඛාන් ‘ටයිගර්’ මීළඟ චිත්‍රපටයට

Mohamed Dilsad

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මොහොමඩ් අශ්ෆාක්ගේ නවතම කෙටි චිත්‍රපටය එළි දැක්වේ

Mohamed Dilsad

Leave a Comment