දේශීය

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

(UTV| කොළඹ) – පාතාල කල්ලි නායක ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිධාරින් අද අලුයම සැකකරු විශේෂ මෙහෙයුමක් සඳහා මීරිගම රේන්දපොල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි.

එහිදී ඇතිවු සිද්ධියකදී පොලීසිය වෙඩි තැබීමක් සිදු කර ඇති අතර කොස්ගොඩ තාරක තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ද තුවාල ලබා ප්‍රථිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

ලොව වැඩිම එන්නත්කරණය ශ්‍රී ලංකාවෙන්

Mohamed Dilsad

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විදේශගතවෙලා.

Editor O

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment