දේශීය

ලොව වැඩිම එන්නත්කරණය ශ්‍රී ලංකාවෙන්

(UTV | කොළඹ) – ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම එන්නත් සිදු කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

අවර් වර්ල්ඩ් ආයතනය විසින් අදාළ දත්ත, වාර්තා කර ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය දැක්වෙන්නේ සියයට 13ක් ලෙසට යි.

එහි දෙවන ස්ථානය ඉක්වදෝරයට හිමි ව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 12.5ක්.

පිළිවෙළින් 3, 4, 5 යන ස්ථානවල පසුවන්නේ බෲනායි, නවසීලන්තය සහ කියුබාව යි.

අවර් වර්ල්ඩ් ආයතනයේ ප්‍රධානියා මේ පිළිබද ව දීර්ඝ සටහනක් තබමින් දක්වා ඇති අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ද එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරන බව දක්වා තිබුණා.

Related posts

රට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිට

Editor O

රනිල්, සජිත් සහ රාජපක්ෂ බය කළ අනුරගේ බියගම ජන ගඟ

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයි

Editor O

Leave a Comment