දේශීය

රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට දීමෙන් රජයට මාස 04ට කෝටි 21ක ඉතිරියක්

(UTV | කොළඹ) – රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය 2021 ජනවාරි මස 01 වන දින සිට පසුගිය අප්‍රේල් 15 වැනිදා දක්වා යුද හමුදාව විසින් රියදුරු බලපත්‍ර දෙලක්ෂ දහනව දහස් අසූ දෙකක් මුද්‍රණය කර ඇත.  

ඒ අනුව ගතවූ කාලයේ පමණක් රුපියල් විසිඑක් කෝටි අනූලක්ෂ අසූදෙදහසකට ආසන්න මුදලක් රජයට ඉතිරි වී ඇත.

එසේම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමටත් යුද හමුදාව කටයුතු කරමින් සිටී.

ඒ අනුව වර්තමානයේ භාවිතයට ගැනෙන චිපයක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කේතයක් සහිත රියදුරු බලපත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය . එමඟින් රියදුරු බලපත්‍ර ආශ්‍රිතව සිදුකරන ලබන අක්‍රමිකතා රැසක් වළක්වා ගැනීම අරමුණ වී ඇත. එසේම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සිය රාජකාරි කටයුතුවලදී පහසුවක් සැපයීම මෙම කේත ක්‍රමය හඳුන්වා දීමේ තවත් අරමුණ වී ඇත.

එසේම මේවන විට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට භාවිත කරන මෘදුකාංගය දකුණු අප්‍රිකානු සමාගමක් මඟින් සංවර්ධනය කළ මාදුකාංගයක් වන අතර ඊට වාර්ෂිකව අති විශාල මුදලක් වැය කිරීමටද සිදුවන බව පැවසේ. එබැවින් ඉදිරියේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේ සඳහා උචිත මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට නියමිතය.

Related posts

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

Mohamed Dilsad

බදු පිළිබඳව ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment