විදෙස්

ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටවල් 44 ක

(UTV| ඉන්දියාව) – අධික ප්‍රචාරණයක් සහිත බී-එක, 617 ලෙස නම් කෙරුණු ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට ලොව කලාප හයක රටවල් 44 කට පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.   

එමඟින් සඳහන් කළේ පසුගිය ඔක්තෝම්බරයේ මුල්වරට ඉන්දියාවෙන් සොයාගත් මෙම කොරෝනා ප්‍රභේදය විශේෂ අවධානයක් යොමු කළ යුතු ප්‍රභේදයක් බවයි.

විවිධ රටවලින් ලබාගත් සාම්පල 4500 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටවල් 44 ක පැතිරී ඇති බව අනාවරණ කරගෙන ඇත.

මේ අතර , ඉන්දියාවේ ගංගානම් ගගේ පාවී ආ තවත් කොවිඩ් ආසාධිත සිරුරු 50 ක් හමුවී තිබේ.

ඒවා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට පැමිණ ඇති බව සඳහන් වන අතර , මේ අනුව දැනට ගංගානම් ගගේ තිබී හමුවූ කොවිඩ් ආසාධිත සිරුරු සංඛ්‍යාව 100 කට ආසන්න වී ඇත.

ඒවා සියල්ල ආදාහනය කර ඇති බව ඉන්දීය බළධාරීන් සඳහන් කර සිටියි.

Related posts

මිෂෙල් ඔබාමාගෙන් ජනපතිවරණය ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමෙරිකාව, තීරු බදු ලිපි යැවූ රටවල් මෙන්න.

Editor O

ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයකින් 7 ක් මරුට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment