දේශීය

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 200 ක්

(UTV | කොළඹ) – කොවිඩ් වැළැදුණු ගැබිනි මවුවරුන් සදහා මහා රෝහල්, ශික්ෂණ රෝහල් සහ මුලික රෝහල්වල වෙන වෙනම වාට්ටු ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අතර අද (11) පැවැති සාකච්ඡාවකදී තීරණය විය.   

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙදී මෙම රැස්වීම පැවැත්විණ.

කොවිඩ් වැළැදුණු ගැබිනි මව්වරුන් සඳහා වෙනම වාට්ටු ස්ථාපිත කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.

ගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එහිදී ඔවුන්ට එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.

එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණය අද (11) දැනුම්දීමට නියමිතය කොවිඩ් වැළැදුණු ගැබිනි මව්වරුන් 200 ක් පමණ රෝහල් වල ප්‍රතිකාර ලබන බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

 

 

 

 

 

 

 

 

Related posts

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

මොරටුව සමූපකාරයත් මාලිමාව පරදී

Editor O

Leave a Comment