දේශීය

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව අද සිට ජනතාවට

(UTV | කොළඹ) – රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද (06) සිට ආරම්භ කරන බව ඔෂධ නිෂ්පාදනය, සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.   

ඒ අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් එන්නත ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

අවුරුදු 30 ත්, 60 ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මෙම එන්නත ලබාදීම සිදුකරන බව ද ඒ මහතා පවසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී 18,265 දෙනෙකුට ලබාදී ඇති අතර, මේ අනුව පසුගිය 28 වනදා සිට මේ දක්වා කාලය තුළ එම එන්නත 157,551 දෙනෙකුට ලබාදී තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 3ක්[RELEASE]

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

අඩු ආදායම් ලාභීන් සඳහා වන රැකියා ලක්ෂයේ අයඳුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment