දේශීය

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට (PHOTOS)

(UTV | කිළිනොච්චිය) – රුපියල් අට ලක්ෂ දස දහසක ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

සැකකරු වයස අවුරුදු 43 ක තිදරු පියෙකු වන අතර මුදල් නෝට්ටු සමග ඔහුව කිළිනොච්චිය පොලීසිය වෙත බාරදීමට කටයුතු කර ඇත.

එම සැකකරුගේ නිවස පොලීසිය විසින් දැඩි ලෙස පරීක්ෂා කොට ඇති අතර ඔහුට මෙම ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු හමු වූ ආකාරය පිළිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

කැණීම් ස්ථාන පුනරුත්ථාපන වාර්තාව පරිසර අමාත්‍යවරයාට

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධකරුවකු වන සබීත STF අත්අඩංගුවට

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය දෙවෙනි දිනටත් පැවැත්වේ.

Editor O

Leave a Comment