දේශීය

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීමට දැඩි කණස්සල්ල පළ කරමින් ජනපතිට ලිපියක් [LETTER]

(UTV | කොළඹ) – තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

තම ස්වාමිපුරුෂයාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුව නිදහස් කරන ලෙසට ඇය ඉල්ලමින් සඳහන්කර සිටින්නේ , චෝදනා විරහිතව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා පසුගිය සෙනසුරාදා (24) අලුයම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන්ගේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකින් දැඩි විරෝධතාවයන් එල්ල වෙමින් පවතියි.

Related posts

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර වි⁣ශේෂ සාකච්ඡාවක්

Editor O

රතන හිමි CID යට පැමිණෙයි

Mohamed Dilsad

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment