දේශීය

දිස්ත්‍රික් 05 ක ග්‍රාම සේවා වසම් 08 ක් වහාම හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – තවත් ප්‍රෙදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයට අයත් රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම හුදකලා කර තිබේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත, නාරම්පිටිය, පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම ද මේ මොහෙතේ සිට හුදකලා කර තිබේ.

ඊට අමතරව මඩකලපුව, මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය යන ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් වත්ත ප්‍රදේශය යන ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.

 

Related posts

ඔන්ලයින් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

තොණ්ඩමන්ගේ පුතු අත්සන් තැබූ ලේඛණ මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment