දේශීය

ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 615 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,843ක් වේ.

ඒ අනුව, දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන මෙය වේ.

මේ අතර මෙරට තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ගතවූ දින 05 තුළ 54 % ක වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුනහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවන බවය.

එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

“මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියා ත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන් ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්. “

Related posts

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

Mohamed Dilsad

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයි

Mohamed Dilsad

Leave a Comment