ක්‍රීඩා

ශ්‍රී ලංකා නායක දිමුත් ටෙස්ට් ළකුණු 5000 සීමාව පසු කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ළකුණු 5000 සීමාව පසු කිරීමට අද සමත් විය.  

ඒ බංග්ලාදේශයට එරෙහි 02 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

මෙම කඩඉම පසුකළ 10 වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්නයි.

දැනට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවා සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්.

දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරග 72 කට සහභාගී වී ඉණිම 138 ක් ක්‍රීඩා කර ශතක 11 ක් / එක් ද්විත්ව ශතකයක් ද සමගින් මෙම කඩඉම පසු කිරීමට සමත්විය.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව තීරණය කලේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

Related posts

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

පකිස්ථාන් සුපර් ලීග් ශුරතාව පේෂාවර් සල්මි කණ්ඩායමට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ 07 කට කොරෝනා..

Mohamed Dilsad

Leave a Comment