දේශීය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇත.   

එම ග්‍රාම නිලධාරී වසම් වන්නේ සුමේතගම්පුර, මුදෝවි, කෝවිල්අඩි, ලින්ග නගර්, කාවන්තිකුඩා සහ චීන වරායයි.

මේ අතර පසුගිය දින හතරක කාලය තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එමෙන්ම පසුගිය පැය 24 ක කාලය තුළදී නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 187 ක්.

මීට අමතරව , පසුගිය වසරේ නොවැම්බර් මස 20 වැනිදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 4080 හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“මෙරට තිබෙන ප්‍රශ්න ඩොලර් හිඟාකාලා විසඳන්න බෑ”

Mohamed Dilsad

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment