ගොසිප්

රජුන් තනන්නාගේ උපන් දිනය අදයි

(UTV | කොළඹ) – ‘පොහොට්ටු’ පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම මෙරට නොනිල රාජ්‍ය නායකයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂගේ 70 වන ජන්ම දිනය අදට (27) යෙදී ඇත.     

ඔහු ජන්මය ලැබුවේ 1951 අප්‍රේල් 27 වැනිදාය.

2005 සිට රාජපක්ෂවරුන්ට මෙරට පාලන බලය අත්පත්කර දීමට සුවිශාලම කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ බැසිල් රාජපක්ෂයි.

එසේ තම සහෝදරයින් රාජ්‍ය නායකත්වයට පත්කිරීමට වෙහෙසුන බැසිල්, 2024 ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා මේ වනවිට සූදානම් වෙමින් සිටියි.

”මිනිස්සු වැටෙති. ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති. බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.” ඇටමැස්සා වරෙක එසේ සටහන් කර තිබිණ.

බැසිල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් අද දිනයේ සමාජ මාධ්‍යය තුළද සුභ පැතුම් පණිවිඩ එකතු කර තිබුණි.

 

Related posts

රන්ජන් පොහොට්ටුවට එක්වීමේ සූදානමක්ද?

Mohamed Dilsad

ලබාගත් ණය වහා ගෙවන්නැයි ඉන්දියාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

දිව රතු වෙන නව කොරෝනා ප්‍රභේදයක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment