කලා

හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝමැඩ්ලෑන්ඩ්ට

(UTV| අමෙරිකාව) – 2021 ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී ආරම්භ විය.   

කොවිඩ් – 19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබේ.

එහිදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් මෙවර සම්මාන උළෙලේදී චිත්‍රපට 8ක් නිර්දේශ වී තිබූ අතර ඉන් හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ‘Nomadland’ චිත්‍රපටය වෙනුවෙන් හිමිවිය.

එහිදී හොඳම නළුවාට හිමි සම්මානය ‘The Father’ චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක්වූ Anthony Hopkins විසින් හිමිකර ගත්තේය.

මේ අතර ‘Nomadland’ චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක්වූ ‘Frances McDormand’ 2021 වසරේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Related posts

චැඩ්වික්ට තවත් සම්මානයක්

Mohamed Dilsad

එකගෙයි සොකරි ගීත එළි දැක්වේ

Mohamed Dilsad

පරේෂ් රාවල්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment