දේශීය

පළාත් 2 ක් අවධානම් තත්ත්වයක

( UTV| කොළඹ) – මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ , ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක හඳුනාගත් කොවිඩ් පොකුරු හේතුවෙන් එම තත්ත්වය මතුව ඇති බවයි.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය අනුව , බස්නාහිර හා වයඹ පළාත් අවදානම් මට්ටමක පවතින බව , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් , මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ , සෙසු පළාත්වල ද ඉදිරියේදී අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

Related posts

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

Mohamed Dilsad

නිදහස් සැමරුම අනාගතයට ආයෝජනයක් – ජනපති

Mohamed Dilsad

දුමින්ද යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment