දේශීය

පන්නල ප්‍රදේශයේ නිවසක පිපිරීමක් – පොලිසිය

(UTV | කුරුණෑගල) – ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (24) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.

පිපිරීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරුණයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

ජපානයට සුනාමියක්…

Editor O

අලුත උපන් දරුවන් රැකබලාගැනීමට විශේෂ මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල සහය ගන්නේ නැහැ – ටිල්වින් සිල්වා

Editor O

Leave a Comment