දේශීය

පිළියන්දල කොවිඩ් පොකුර ඉහළට

(UTV | කොළඹ) – පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොවිඩ් රෝගීන් 64ක් හමුවු බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.  

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ, පීසිආර් පරීක්ෂණ 82කින් එම ආසාදිතයින් හඳුනාගත් බවය.

මේ අතර , ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ එම පාසලේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙනි.

පාසල මෙලෙස වසාදැමීමට හේතුවී ඇත්තේ අදාළ ගුරුවරියට දෙදිනකට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබියදී ඊයේ දිනයේදීත් පාසලට පැමිණ තිබීමයි.

Related posts

අද දිනයේත් පැය 02 ක කාලයක් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

මැතිවරණ පැමිණි 2500 ඉක්මවයි

Mohamed Dilsad

ජනාධිපති කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

Editor O

Leave a Comment