ක්‍රීඩා

එංගලන්තය තේරීම් කමිටු ක්‍රමවේදය අහෝසි කරයි

(UTV |එංගලන්තය) – එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය ජාතික පිරිමි කණ්ඩායම් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇත.   

ඒ අනුව මෙතෙක් පැවැති ජාතික තේරීම් නිළධාරී ධූරය (national selector) අවලංගු කිරීමටයි තීරණය කර ඇති අතර , ඒ වෙනුවට ජාතික පිරිමි සංචිත තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වෙත පවරා තිබේ.

ඒ අනුව ජාතික තේරීම් නිළධාරීවරයා ලෙස 2018 වසරේ සිට මේ දක්වා කටයුතු කරන Ed Smith මෙම මාසය අවසානයේ දී සිය ධූරයෙන් ඉවත් වීමට නියමිතයි.

ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම තේරීම කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු එක්ව සිදු කරනු ඇති.

Related posts

බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා පළමු විස්සයි20 තරගය අද

Mohamed Dilsad

2021 T20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ගැන අද ඩුබායි හිදී සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment