දේශීය

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායෙන් ඉවතට යැවේ

(UTV | කොළඹ) – කාර්මික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාවක් තුල විකිරණශීලි ද්‍රව්‍යක් වන “යුරේනියම්” තිබීම නිසා එම නෞකාව වහාම වරාය පරිශ්‍රයෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එච්.එල්. අනිල් රංජිත් ප්‍රකාශ කර සිටියි.   

කෙසේවෙතත් නෞකාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ වරාය ප්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී තිබේ.

අනතුරුව එහි නිලධාරීන් විසින් නෞකාව වහාම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර අද (21) උදෑසන වන විට නෞකාව හම්බන්තොට වරායෙන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නිසි දැනුම්දීමකින් තොරව විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කළ එම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් නැව් සමාගමේ මෙරට නියෝජිතවරයාට ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Related posts

නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික සෙබලෙක් ජීවිතක්ෂයට

Editor O

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment