ක්‍රීඩා

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

(UTV | ඉන්දියාව) – දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) පැවැති IPL තරගයේදී නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් ගෙවීමට තරග තීරකවරයා නියම කර ඇත.   

මෙවර තරගාවලියේදී ශර්මා මෙවන් වරදකට හසුවූ පළමු අවස්ථාව මෙය වන අතර එම තරගයේදී දිල්ලි කණ්ඩායම හමුවේ මුම්බායි කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් විය.

අයි.පී.එල්. තරගාවලියේ නීති රීති වලට අනුව පළමු වරට කණ්ඩායමක් නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වන්නේ නම් එම කණ්ඩායමේ නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. දෙවැනි වරටත් එම වරදටම හසුවන්නේ නම් නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක්ද, කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 6 ක් හෝ තරග මුදලින් 25% ක්ද දඩ ලෙස ගෙවීමට සිදුවනු ඇත.

යම් හෙයකින් තරගාවලිය තුළ කණ්ඩායමක් තෙවැනි වරටත් නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වන්නේ නම් කණ්ඩායමේ නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන අතර තරගයක් තහනම් වනු ඇත.

ඒ අනුව එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක් හෝ තරග මුදලින් 50% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.

Related posts

මහේල ජයවර්ධන ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට?

Mohamed Dilsad

කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි සංචිතය මෙන්න

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment