ක්‍රීඩා

ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව අද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව අද දිනයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.  

ඒ අනුව එම වසරේ ජනවාරි පළමුවනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් පෙබරවාරි මස 23 වනදා නිකුත් කරනු ලැබීය.

වාර්ෂිකව ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නම් කරන ලැයිස්තුවක් නිකුත් කෙරේ. නොදැනුවත්ව හෝ ක්‍රීඩකයින් මෙම ද්‍රව්‍ය සිය කුසලතා වර්ධනය සඳහා භාවිත කිරීම ඔවුන් තරඟ තහනමකට ලක් කිරීමකට හේතු වන බවයි ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය සඳහන් කළේ.

 

Related posts

මුරලි , රොමේෂ් ඇතුළු 5 ක් මෙවර Road Safty තරගාවලියෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment