දේශීය

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.   

සෞදි අරාබියේ මෙම රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සවුදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවත්, එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එම කතුන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට එවීමට ද සෞදි රජය එකඟත්වය පළ කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව සවුදි අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කතුන් 156 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට අමතරව , ගුවන් යානා 24 කින් මගීන් 1363 දෙනෙකු අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනට පැමිණ තිබේ.

Related posts

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

Mohamed Dilsad

රනිල්ගේ පාර්ශ්වය ව්‍යවස්ථාවේ සිදුරු සොයනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment