දේශීය

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

(UTV | කොළඹ) – අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබුණි.  

මෙහිදී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවිය.

කෙසේවෙතත් එම වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි අගමැති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ, අගමැතිවරයා හා ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර අද පැවති රැස්වීම කඩාකප්පල් වී ඇතැයි ‘පොහොට්ටුවට’ සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇති වාර්තා සම්බන්ධයෙනුයි.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් කල තිබු පූර්ව දැනුම්දීමක් අනුව විමල් විරවංශ අමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු අද පෙරවරුවේ අගමැතිවරයා හමුවී සුහදව කතාබහ කර පිටව ගොස් ඇත.

විමල් විරවංශ සමග වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස් හා අසංග නවරත්න යන පක්ෂ නායකයින් එම අවස්ථාවට එක්ව තිබේ.

Related posts

බුස්ස හමුදා කඳවුරෙන් තවත් පුද්ගලයන් 10 ක් පිටත් වෙයි

Mohamed Dilsad

විජේවීර ඝාතනය ට තමා සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් නොකරන ලෙස අශෝක තෝරදෙනිය ඉල්ලු වාරණ නියෝගය විසිවෙයි !

Editor O

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක සඳහා වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment