දේශීය

පොහොට්ටුවෙන් විජේදාසට විනය ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පක්ෂ සාමාජික කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කිරීම හේතුවෙන් විජයදාස රාජපක්ෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය. විජයදාස රාජපක්ෂගේ දේශපාලන ඉතිහාසය සහ හැසිරීම මහජනයා විසින් හොඳින් දන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බවයි.

ජනාධිපතිවරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලීව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බව තව දුරටත් කියා සිටියේය.

Related posts

දියේ ගිලීමෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

අද සිට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කෙරේ

Mohamed Dilsad

ඡන්දය තියන්න අභියෝගයක්! මුදල් ලේකම් අධිකරණයට කියයි

Mohamed Dilsad

Leave a Comment