ක්‍රීඩා

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

(UTV | කොළඹ) – ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා එක්ව තරග වදින ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ යුරෝපිය ශුරතාවයේ පළමු තරගය ඉතාලියේදී අද (17) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.   

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ ශූරතාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර මින් පෙර ඩිලන්ත මාලගමුව විදෙස් ක්‍රීඩකයන් සමග එක්ව මෙම තරගාවලියට සහභාගි විය.

මේ වසරේදී පැවැති එළියකන්ද තරණයේදී සහ මහගස්තොට කඳු තරණයේදී නව වාර්තා පිහිටුවමින් විශිෂ්ඨ ජයග්‍රහණය අත්කර ගැනීමට අශාන් සිල්වා සමත් විය.

Related posts

පකිස්ථානය ද.අප්‍රිකාව පරදවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් : පරීක්ෂණයක් පවත්වන ලෙස ICC යෙන් ඉල්ලයි

Mohamed Dilsad

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබයි

Editor O

Leave a Comment